සාපලත් සඳට

Sapalath Sandata
සාපලත් සඳට තරහින් හීන වීසි කරන
පාපලත් මිනිස් අහිනක කයිවාරු ඇහෙනවද
කා බිබී නටන රමණය ජීවිතය කියන
පාරෙ යන සෙනග දෝතින් සාදු කියනවද
විද්ද පඳුර යට හාවුන් සින්දු කියනකොට
දැක්ක ඇස්වලට රහසින් කඳුළු උනනවද
පත්තු වුණ උණ්ඩ දිලිසෙන සාලෙ මැද තියෙන
රට්ටුන්ට ගයන කටහඬ මේච්චල් මදිද
ඇත්තු හති අරින මුඩු බිම ගිය නුවණ අදින
ලද්දු බලවත්තු ඉගිලෙන නැට්ටෙ එල්ලෙමුද
යක්කු සිල් ගත්තු නවගුණ වැලේ ඇට ගණින
පිටි කරල පත්තු පයබරවාය බඳිනවද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by Skitzo SL
All songs by Skitzo SL