එක දවසක්
Eka Dawasak
එක දවසක් අහස දිහාවට
ඇහැ ඇරියම රෑක
තරු කැට එක එක කඩා වැටෙනවා
අහුලන්නද කෝම
අහස තරහදෝ මං එක්කං
කියන්නේ මං කාට
පුංචිම කාලේ දැක්කට පස්සේ
දැක්කෙත් අද අහස
ලොවම ඔබේ යට මං වාගේම
හිනාවෙන්න අහස
ඔබව අපව දුර නොවන වගට
තව ළං වෙන්නකො අහස
ඔබේ වියන යට ඔබේ නිවන යට
හැර යන්නද කාව
තරහා අවසරයි අපේ අහස යට
අපි අපිමයි තාම
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by Skitzo SL