ඔබ හිනාවෙන්නේ කොහොමද
Oba Hinawenne Kohomada
ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මුඩු බිම මත හිමිහිට අඩි තිය තිය
තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද
වේදනා ගඟේ ඉහලට පහලට
කිමිදෙන්නේ කොහොමද ඔය විධියට
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
ආදර වැහි කෝඩෙට ගිලිහී ගිය
මඩ තැවරුණ දුක්බර මල් පෙත්තක
ලස්සන හසු නොවුණිද ඔබගේ දෑසට
පියඹා යද්දී ඈතින් ඈතට
මට කියාදෙන්න ඒ කොහොමද
ඔබ හිනාවෙන්නෙ කොහොමද
මරු කතරක ඉපදී මියෙනා සඳ
මරු විකලෙන් සිහිසන් වුණ මොහොතක
මාර දුවක නොවෙතියි ඔබ සැක හැර
දැනගන්නේ කොහොමද මගෙ සුරඟන
මට කියාදෙන්න ඒ කොහොමද
ඔබ හිනාවෙන්නෙ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by Skitzo SL