රැවටුන තරම්

Rawatunu Tharam
රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා
හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා
හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක් වෙන වාරයක් පාසා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රුවන් හෙට්ටිආරච්චි
All songs by රුවන් හෙට්ටිආරච්චි