සීත මාරුතේ

Seetha Maruthe
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි ඒ හැඟුමේ
යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟි පානා
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රුවන් හෙට්ටිආරච්චි
All songs by රුවන් හෙට්ටිආරච්චි