සුරංගනාවී මගේ
Suranganawi Mage
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියැවිලා
මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉඟිලිලා
සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ පිපේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ
මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉඟිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවුනේ
මේ ආදරේ විදගමූ සුන්දරී
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමි සඳා ප්‍රියේ
මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉඟිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමූ
මේ ආදරේ විදගමූ සුන්දරී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රුවන් හෙට්ටිආරච්චි