පහන් කණුවේ හෙවන
Pahan Kanuwe Hewana
6th LaneBandපහන් කණුවෙ හෙවණ තමයි හැමදා අපෙ උරුමේ
ඉර දෙයියො කොයි දොහේද අනුකම්පා කෙරුවේ
ගෙයක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ
මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපං අහසේ
අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගනී
ඉගිලී ගිය මුතු අහුරින් සතයක් ලැබුනී
පවුලේ කුසගිනි නිවන්න එකෙන් ඵල ලබුණී
මං එනතුරු වීදි කොනේ හිටපන් මයෙ නැගණී
දඩයම් බල්ලන් නුඹටත් ඉවකරනා දවසේ
පැලක් හදා නොගත්තොතින් මයෙ හිත මට දේස් දේ
මාල පබලු දිහා තවත් බලන්නෙ නෑ අයියන්ඩී
මුවා වෙලා කඩ පිල් ලඟ අහසේ තරු ගණින්නෙමි
නුඹ එනතුරු වීදි කොනේ ඉන්නම් අයියන්ඩි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by 6th Lane