අම්මා

Amma
6th LaneBand
මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා
සඳ හාවුන් හඬනා
කළුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳ කැන් ඔබ විය
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන්
වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි
ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි
සංසාරයේ මා නුඹ ළඟයි
කුණාටු සාගරයේ
රුවල් බිඳුනු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ නුඹයි
නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා
ගිණියම් මද්දහනේ
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by 6th Lane
All songs by 6th Lane