නිමේශයක් දෙන්න
Nimeshayak Denna
6th LaneBandනිමේශයක් දෙන්න නුඹේ හද ගැඹුරේ
අඳුරු විෂ හීසර ඇත තවමත් පාරනා
හීතලම හීතල හදවත උණුහුම් කරන්න
අඳුරු බීරුම ඈතට පලවා හරින්න
සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙයි
ප්‍රාර්ථනා හීන වැල් තව දුර ඈතයි
ආත්මය බර වැඩි
සුසුම්හෙලා සැහැල්ලු වනු බෑ
රාත්‍රිය දිගු වැඩි
නුඹට තව කඳුළු හෙලන්න බෑ
පියඹන්නම් දෝ නුඹ අරන් රාත්‍රියේ
කිමිදෙන්නම්දෝ නුඹ අරන් සාගරේ
මං වෙන්නම්දෝ නුඹ පතන ජීවිතේ
නුඹ තනියම නෑ නුඹ තනියම නෑ
විරාමයක් දෙන්න නුඹේ හිත පතුලේ
හේශාරව කරන අඳුරු අතීතය
හීතලම හීතල තොල් පෙති උණුහුම් කරන්න
නුඹේ ළඟට එන්න මට දොර විවර කරන්න
මකුළු දැලේ රැඳුනු සමනලියක් වාගෙයි
ප්‍රාර්ථනා හීන වැල් තව දුර ඈතයි
හිනා නොවෙන්නේ ඇයි හිනාව උදුරගන්න අය නෑ
දෑස් මානේ ඇයි මං ආයෙත් හඬන්න දෙන්නේ නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by 6th Lane