දිනයක ඔබ මා

Dinayaka Oba Ma
6th LaneBand
දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
මල් කුඩේ යටින් පියමැන්නා
මොනවද හිමිහිට මිමිණුවා
අද හීතල වැහි බිඳු නහවයි මා
මට හෙවන දෙන්න නුඹ ළඟ නෑ
මේ වැහි බිඳු ඒ ගැන දන්නේ නෑ
නොඉවසිල්ලෙන් බලා හුන් වසන්තය ආවේ දැනුයි
මාවත මලින් පිරී ගොහින්
හීතල සුළඟේ විසිරී
නුඹත් ළඟ උන්නානම් කියා හිතුණා
මට තුරුලුවී උණුහුම් වෙන්න තිබුණා
වසන්තේ ඒ ගැන දන්නේ නෑ
අපි දෙන්නා හිනා වුණු ගංතෙර
තාමත් සිහිල් පවන් හමයි
හීනයක් වන් අතීතයේ සුවඳ තවම ගලනා
හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
නුඹ ගැන දන්නේ මං විතරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by 6th Lane
All songs by 6th Lane