උලත් එකයි පිලත් එකයි

Ulath Ekayi Pilath Ekayi
උලත් එකයි පිලත් එකයි
මලත් එකයි නැතත් එකයි
අපි හැමදා සොමියේ ඉන්නවා
දෙයියෝ දනී අපි නොදනී
මැරෙන දවස කවුරු කියනවා
ඇතත් එකයි නැතත් එකයි
ලඟත් එකයි දුරත් එකයි
මඩ කාලයි මෙතන්ට ආවේ
නගේ මලේ ඇලේ දොලේ
අපෙ කටහඬ තාම ඇහෙනවා
කිව්වට කිව්වට ගී වැල් ගොතලා
කියනවා කියනවා සී පද හදලා
ආදරේට ඕනි දෙයක් කරන්න හැකිලු
සල්ලි නැතත් රජ වෙනවාලු
පවුරු බැඳලා අකුල් හෙලලා ආදරයක් එපා කපන්න
අඩිය අඩිය තියල නගින මිනිහා දිහා එපා රවන්න
අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි මල්ලි
අනාගතය කොහොම වෙයිද හිතලා හිතලා ඇයිද තැවෙන්නේ
පර්ස් එකේ කෑෂ් නැතේ කියා ඇයිද හිතින් අඬන්නේ
අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි මල්ලි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රූකාන්ත ගුණතිලක
All songs by රූකාන්ත ගුණතිලක