දෑසම රිද්දන
Daasama Riddana
දෑසම රිද්දන හසගන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්ඳා
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා
මේ හැටි ලස්සන රූ වරුනාවට
ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා
මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
බොරළු පයේ ඇනිලා
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා
ආලේ කුසුමෙන් මා හිත පිපිලා
සුවඳ හදේ රැඳිලා
පේර නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මේ වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රූකාන්ත ගුණතිලක