මිදුලේ අතන නංගෝ

Midule Athana Nango
මිදුලේ අතන නංගෝ කවුද හැංගි උන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තං දන්නේ නැද්දෝ අයියා මගේ
පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මා එන්නදෝ
මිදුලේ අපේ යාලු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ
තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ
සෙල්ලන් බත් උයාලා එකට බෙදලා කමුකෝ අපී
කවි ගී සිංඳු වාරම් දෑත අල්ල කියමූ අපී
දන් අම්මලා ඒවි දඟකාරම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රෑප පෑන්සල් අරන්
අඳිමු අපි නංගියේ පාට ගාලා රෑප අඳිමු
ගවුමේ දූලි ගෑවෙයි කිලුටු වීලා අම්මා බනීයි
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා
All songs by චන්ද්‍රලේඛා පෙරේරා