සිනාසෙන්න බෑනේ

Sinaasenna Baane
හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ
නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේ
ඔබ එයිද ආයෙ දෑස පේන මානයේ
මල පර වුණා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගෙ නිවාලා
සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිණි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිණි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණ ගැහුණ තැන තාම මම ඉන්නවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොමේෂ් සුගතපාල
All songs by රොමේෂ් සුගතපාල