දිගු දෑස දුටුවාම

Digu Daasa Dutuwaama
දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ
ලඟ ඉන්න පෙර වාගේ
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ
ලඟ ඉන්න පෙර වාගේ
පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ
නැතුවාද හමුවන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොමේෂ් සුගතපාල
All songs by රොමේෂ් සුගතපාල