හිතුමතේ පාවෙනා
Hithumathe Paawenaa
මා දෙස නෙත් නොපියා බලාපු
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපු
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලු
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු
පපුවට තුරුලු වී හිඳ හඬාපු
ලංවී තොඳොල් බස් මට දොඩාපු
හිත ලඟ හීනෙන් නිදි වරාපු
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොමේෂ් සුගතපාල