සරසවි උයනේ මේ තුරු සෙවනේ
Sarasawi Uyane
සරසවි උයනේ මේ තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ
සීතල සිරිපොද වැස්සේ පෙර
දිනයක මේ අඩි පාරේ
අප තනි වූ මැයි තුරුසෙවනේ මත
ඔබගෙනි උණුසුම රැදුනේ
පාළුව ඉහිරෙන අඳුරේ මා
තනිකර දා මෙහි සෙවනේ
මතකය පමණකි ලඟ රැදුනේ ඔබ
අද කොතැනද පිය නැඟුවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන