දිල්හානී දුවණී
Dilhani Duwani
දිල්හානී දුවණී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය වී
නාඬා නිදියන්නේ
දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැක ගන්න
වාසනව මට ගෙන දුන් දියණී
සුරතල් දිල්හානී
රං ඔන්චිල්ලේ ඇයව හොවාලා
පදවන්නට සිතුණා
රං තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුණා
රංවන් තටු ඇති සමනළයින් දැක
ඇයගේ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිපගන්නට සිතුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා