රන් සමනළයින්
Ran Samanalayin
රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මගේ
පාසල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ
සිතුවිලි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
කවදද මගෙ සෙවණට එන්නේ
රම්‍යා මට ඔබ සිහි වෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන