අවසර නැත මට
Awasara Natha Mata
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ
බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ
ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් මල්ලවආරච්චි