කුමාරියක් වගේ ඔබට
Kumariyak Wage Obata
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ
ඇල ඉවුරේ ගුරු පාරේ
වැට අයිනේ අඩි පාරේ
මා දැකලා හැම වාරේ
ආ හා ඇයි රවන්නෙ මා දිහාද
පෙම්කරන්න අපි එපාද දැන්
ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආ හා තරහ ගන්නෙ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන