බෙත්ලෙහෙම් පුරේ

Bethlehem Pure
බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ
ඔරුව තුළේ සිසිලේ නිදයි
ජේසු බිලින්දා
ලෙලෙන කැන් දිදී අමුතු තරුවකි
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිලින්දා
නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා
මඟ අහගෙන යති දැක්මට
ජේසු බිලින්දා
සතවෙත කරුණා පිනිදිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිලින්දා
බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ
ඔරුව තුළේ සිසිලේ නිදයි
ජේසු බිලින්දා
සාමේ රජින්දා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders