සඳක් බැස ගියා
Sandak Basa Giyaa
සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ
විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩට අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට
ලැබුනොත් මම යනවා
ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ
තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට
ලැබුනොත් හරිම අගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන