මාවතේ අපි යයි කියා

Mawathe Api Yayi Kiya
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා
මාවතේ ගෙවුනු ජීවිතේ
මිය නෑ ගියේ තනිව හාමතේ
කණ්ණාඩි දාපු නිළධාරියන්
නිළධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා
අපව පෙන්නලා
මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගීතිකා
සංගීතකාරයන් ගෙන්නලා
අපව පෙන්නලා
දැන් ඉතිං කොහිද ජීවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගෙ චාටූ කතා
චාටූ කතා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන
All songs by ක්ලැරන්ස් විජේවර්ධන