කඳ සුරිඳුනි ඔබේ

Kanda Surinduni Obe
කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා
සපුගිරි වටකොට ඔබෙ නිවහන ඇත
සත් සිඳු පතළව ඔබෙ කිතුගොස ඇත
ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා
මයුරාසන මත වැජඹෙන තෙජැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා
කඳ සුරිඳුනි ඔබෙ පිහිට ලැබේවා
මගෙ රට සව්සිරියෙන් සපිරේවා
ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන
All songs by ක්ලැරන්ස් විජේවර්ධන