හින්දි වදන් මියුරු හඬින්

Hindi Wadan Miyuru Handin
හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා
සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා
බ්‍රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී
භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී
හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා
වරළ පුරා මල් පැළදි ලියේ
දිගටි නෙතේ පෙම් කැළුම ප්‍රියේ
මතක සිතේ දැන් මතක තියේ
පූර්ණිමා
හිනා වෙන්න ළඟින් ඉන්න
සකල කළා මල් පිපෙන රටේ
ලලිත කළා මල් පොකුර මගේ
නුඹට ළඳේ මං බැඳුණු හදේ
සුරංගනා
සුරල් නාද ඇසෙයි තාම
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන
All songs by ක්ලැරන්ස් විජේවර්ධන