දෑස පියා ගත්කල

Daasa Piyagathkala
දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ
කුමාරියේ අමතක නොවේ
ලස්සන රුවේ සිත සැනසුවේ
අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ
සිත කැළඹුනේ ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී
රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ අවදි වුනේ
ඒ එදා‍ය මේ මෙදාය මට සිතාගන්න නොදී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන
All songs by ක්ලැරන්ස් විජේවර්ධන