ආදර මගෙ ජේසුනි

Adara Mage Jesuni
ආදර මගෙ ජේසුනි
කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු
සමිඳේ
සිතු සිතු දේ මම කලා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී
හඬමි
මා හසුවී මාරුතේ
මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා
සමිඳේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ
සමිඳේ
ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි
ඔබට
ඔබ දුන් හැමදේටමත්
මට දුන්නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන්
සමිඳේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රූකාන්ත ගුණතිලක
All songs by රූකාන්ත ගුණතිලක