යුගයෙන් යුගයේ
Yugayen Yugaye
යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කර දියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
සුන්බුන් වූ විට සැඩ සුළඟේ
දිය පිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි