සීතල පොළවම
Seethala Polawama
සීතල පොළවම සිරියහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පළසක් වේවා
ජේලර මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත් පත දිවබොජුනක් වේවා
මා මොරගෑවේ පිහිටක් අයැදින්නයි
ධන වැද්දෙකුගෙන් බඹසර රැතගන්නයි
ඔබ දිව ආවේ මා දිවි ගලවන්ටයි
අවි එසවූයේ යුක්තිය විසදන්ටයි
දිළිදු ළදුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙඋන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙඋන්ගේ
තුලාව ගෙන නෙත් යුග බැද රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබ වන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැනකින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි