යදමින් බැඳ
Yadamin Banda
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය නීතිය හා විනිසුරන්
කකා බිබී නටන අතර නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්
ගිනිගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි