විහඟ ගීතය

Wihanga Geethaya
විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා
නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා
ලදළු මැලවී තුරු ලතා තැති ගැනී
සිරස සරසණ මලක් වත් නැ පිපි
අඳුර රජ වී අනේ දුනු හී ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළුවී
කදුළු වගුරා පහුරු ගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා
‍පියාඹන්නට නාද දී නිදහසේ
විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්