සපුමල් සුවඳ වගේ
Sapumal Suwanda Wage
සපුමල් සුවඳ වගේ
හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින්
මේ පාළු රෑ යාමේ
හෙමින් හෙමින් හෙමින් හෙමින් ඇවිදින්
පිය නගමු අපි
තරු හිනැහෙන හෝරාවේ
බොහෝ ගිණි ඇවිලී
පාළු කිපෙනා නුඹේ වත මඬලේ
අප හැඬූ තරම් ලොව නැහැ දන්නේ
සඳ බලා හිදී
අපේ සුසුම් ඉවසනු බැරිවී
සඳ අහිංසකයි නොවැ අපි වාගේ
හෙමින් හෙමින් ඇවිදින් පියනගමු අපි
හදේ හිරු ඇහැරී ගිණි බිදී ලොව
කළඹවා රහසේ
කටු වැටට උඩින් පිය නගමු අපි
සත්සියක් අරවින්ද හිනැහේවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්