මේ හිතට දුක දැනෙනා

Me Hithata Duka Denenaa
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැ‍නෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි
විෂ මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නෙ නිරතුරු රිදවුම්
සර පහර වැදී හද සිදුරු වෙවී
මේ ගලන්නේ වැගිරී කවි කම්
ගැල් බරට ගෙනා දුක් කඳුළු දරා
යම් දිනයක වන මුත් මිහිදන්
දෙව් ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතු වන් මේ රිදවුම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්