වැස්ස වැටී

Wassa Watee
වැස්ස වැටී මිදුලේ
සීත හැඟුම් ඉතිරේ
ළාමක සිතැඟි සලා
මා දඟකාරි වෙලා
පිහාටු සේද සිහිනයේ
එහා මෙහා ඔහේ ගිහින්
කොහේද ඈත ඈතදී
හිනා වුණාද ආදරේ
වසා දමා අතීතයේ
සිනා මකා හැඬූ නුවන්
පියා සරා නිසංසලේ
බලා ඉඳීද ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි