වසන්තය දෝතින්
Wasanthaya Dothin
වසන්තය දෝතින් දරන්
පැමිණි දා සෙනෙහස අරන්
ඔබෙන් හඳුනා ගතිමි සකිසඳ
ජීවිතේ නම් කිමැයි
ආදරය ජීවිතය නොවුණද
දිවියකට ආදරය ඇවැසිය
කියා දී පෙම් පිරූ සකිසඳ
එපා මුනිවත සිත සැලෙයි
මගේ හදමල සුපිපි සුනිමල
ඔබේ හද ගැබ පුදසුනක් කර
පිදූ සකිසඳ සෙනෙහෙ පිනි ඉස
රකිනු මැන එය පර නොවෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි