වළා අතුර සිරියහනේ

Wala Athura Siriyahane
වළා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රජාප කුමාරයා
නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා
ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එලියෙන් නලියනවා
නොදරුවෙකු අතින් බොදවුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා
කිරිවැදී නටන ගොයමට
මීදුමින් වැටී පිණිකැට
රන්දමක් ලෙසින් ගෙල වට
රනින් දිලෙනවා
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්