උදුම්බරා

Udumbara
උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා
අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා
සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාරත්න රණතුංග
All songs by දයාරත්න රණතුංග