සරසවියෙදි හෙට විතරයි

Sarasawiyedi Heta Witharayi
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙත කඳුළැලි පුරවන්නේ
දොඹ සූරන මහ වැස්සේ තනිකුඩයේ
අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල පබා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු හෙවණේ
කලා ශිල්ප රාජ ඉසුරු මල්යායේ
එදා ළපලු සෙවණේ සරතැස නිවුණේ
අපේ නිවුණු හීන පිරුණු රජදහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
කෝල බැලුම් හලා රඟන පරවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාරත්න රණතුංග
All songs by දයාරත්න රණතුංග