සැන්දෑ අහසේ
Sande Ahase
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුලු දොරින් මිය යනවා
ඈත අතීතෙන් පියවර නගමින්
කණ වැල අල්ලන් කවුදෝ එනවා
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මග බලා සිටිනවා
දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාරත්න රණතුංග