සඳක් සදිසි ලඳක්

Sandak Sadisi Landak
සඳක් සදිසි ලඳක් රුවැති ලැසි ගමනින් එන
අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන
මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ
ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක
පියා සීසායි මම බත ගෙනයමි හනිකට
සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා
පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි
අමරා දේවී ඔබ අමරා දේවී
නැණවත් දේවී ඔබ අමරාදේවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders