උඬගු ලියන්

Udangu Liyan
උඬගු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ
හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන
බස් දොඩවන
බොජුන් මේස මත
සුවඳ හලන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මියයන්නෙම්
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි