තුහීන වැස්ස වැටෙන

Thuheena Wassa Watena
තුහීන වැස්ස වැටෙන රෑක හීතලේ
තුරල් කරන තුරුම හීත හිරිපොදේ
ඔබේ ආදරේ රස හීනයේ
සැනහී හිඳින්නම් සැම දිනේ
තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
තුරල් කරන තුරුම හීත හිරිපොදේ
දේවදාර තුරු පෙළ ළඟ
දෑල දෙවුර තුරුළට වී සැනසෙමි
සුළං කෝඩයේ හී ගඩු පිපේ
සුවසේ වෙලෙන්නම් තුරුනෙත්
පිණි සළුව මුදා හරිනා ඝන මීදුමේ
ඉම කොතැන කොයිද සීමාවක් නොතේරේ
හැල්මේ වාගේ ආයෙත් නොයේ
පෑහී හිඳින්නම් සිතු ලෙසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා
All songs by අමල් පෙරේරා