හීනයක් වගේ ඔබ ආවා

Heenayak Wage Oba Aawa
හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් වගේ මගෙ හිස අතගෑවා
හීනයක්ද මේ හිත කීවා
ඔබ ඉගිල ගියා අහස් යහනට
වලාකුලකින් නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා සයුරු රල මත
සයුරු රැලකින් නම අසාගෙන එන්න
නම නොදන්නා ගීතයක් ළඟ
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න
නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගං වතුරේ
නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ
නුඹ ඇවිත්දෝ හීනයක්දෝ මගෙ නම සුවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා
All songs by අමල් පෙරේරා