මල් පිට මල්

Mal Pita Mal
මල් පිට මල්
හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින්
හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
දිය පිට දියරැලි
නගන ගං දියේ
සැඩ රළ මතින්
ඔරුවක නැගි
එතෙරට යනු දැක
ඔබයි මමයි
සැඩ නල පවා
හමන හැටි පුදුමයි
වැහි පිට වැහි
හැලෙන රාත්‍රියේ
උණුහුම් වෙමින්
තුරුලත වෙලී
මුදු රස විදින සඳ
ඔබයි මමයි
හිරිකඩ පවා
දැනෙන හැටි පුදුමයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා
All songs by අමල් පෙරේරා