හිරු දැවී දැවී නිවුනොත්

Hiru Dawee Dawee Niwunoth
හිරු දැවී දැවී නිවුනොත් තරු කෙසේ දළු දමයිදෝ
සඳ දිලී දිලී නිවුනොත් විල් ජලේ මල් පිපෙයිදෝ
ඔබ බැලුවෝතින් වෙනතක් කුමක්වේද මම නොදනිමි
සිතා ගන්න මට බැරිවෙයි
අදහස දමි ඇදන් එනවිට මහා වැසි එන බව දනිමි
පොළොව ඉරි තැලී එනවිට ඉඩෝරේ එන බව දනිමි
ඔබ මුහුණු අඳුරු කරවයි සිතා ගන්න මට බැරිවෙයි
දරා ගන්න මට බැරිවෙයි
හරිත තුරු මුදුන් මත පිපී සුවඳ සුදු කුසුම් කදිමයි
මල මත ඒ රඟන බඹරුන් සිත තුලේ හැගුම් පුබුදයි
ඔබ නෙතින් කඳුල සඟවයි සිතාගන්න මට බැරිවෙයි
දරාගන්න මට බැරිවෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා
All songs by අමල් පෙරේරා