තොටිල්ලෙ ලී වැටෙන් එහා

Thotille Lee Waten Ehaa
තොටිල්ලෙ ලී වැටෙන් එහා
තව වැටවල් ගොඩක් ඇතී
තොටිලි වැටෙන් පනින පුතා
ඒ වැටවල් බිඳිනු ඇතී
බුදුන් දවස මර දූවරු
මපුතනුවන් මුණගැසෙතී
උන්ගේ සිවු සැට මායම්
මගේ පුතුට අරුම නැතී
බිතු සිතුවම් රූ මෙන් සිටි
මිතුරෝ හෙට සතුරු වෙතී
උන් සදනා මල පුඩුවල
මගේ පුතා බැඳෙනු නැතී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය