ඈත දුරක සිටියත් මා

Aatha Duraka Sitiyath Maa
ඈත දුරක සිටියත් මා හද නිරතුරු රැදෙන්නියේ
රෑ සිහිනෙන් මා ළඟ හිඳ
උදෑසනෙන් මැකෙන්නියේ
සිහිනෙන් ඇවිදින් නිරතුරු
මා සනසා යන කුමරි
හිතේ පිරෙන දුක නිරතුරු
කියාගන්න බැහැ කුමරී
ළඟ හිඳගෙන හිස අත ගා
කථා කියනවා කුමරී
මගෙන් වෙන් උනාද කියා
හිතාගන්න බැහ කුමරී
තනිවෙන්නට නොදී උදේ
හවා ලඟින් සිටි කුමරී
සිනිඳු අතින් මා අත ගෙන
රැකවරණය පැතු කුමරී
කියන්න බැරි ආදරයක්
හද තුල ගොනු කල කුමරී
මගේ නමින් රැදී නොසිට
පලා ගියේ ඇයි කුමරී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය