සැතපුම් දහසක්
Sathapum Dahasak
සැතපුම් දහසක් ඈත රටක ඔබ
සිටියත් මම ඉන් මෙහා රටේ
ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම
ඔබෙ සුවදින් රෑ අවදිවෙමි
නොනිදන හැම රෑ ලස්සන ඔබෙ රුව
සිතින් මවා තුරුලට ගනිමි
නිදන හැමවෙලේ සිහිනෙන් ඔබෙ හඩ
ගීයක් කර අමරස විදිමි
හමන මද නලේ රහසින් සගවා
ඔබට නොකී පුවතක් කීවා
ඔබෙ සිත නොතලා සුලගට තෙපලා
නොපැතූ සිතකට සිත පිදුවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය