තාරුකා නිවා දුර

Tharuka Niwa Dura
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා
සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් තනිවෙලා
ප්‍රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් බණ්ඩාර
All songs by අජිත් බණ්ඩාර